ගොසිප්9 වෙබ් අඩවිය මෙයින් අවසන් වන වගයි !


[2013 පෙබරවාරි 23] gossip9.com හා gossip9news.com වලින් පසු අප විසින් තෝරා ගත් තෙවන ලිපිනය වන gossip9news.blogspot.com ලිපිනයටද මේ වනවිට Telecom තුලින් පිවිසීමට බාධා එල්ලවී තිබෙන නිසා ගොසිප්9 වෙබ් අඩවියේ ගමන නැවත්වීමට රජයට අවශ්‍යය වී ඇති බව පැහැදිලිව පෙනී යයි. අප ඒ තීරණයට ගරු කරන්නෙමු.

අප වෙබ් අඩවියට මෙලෙස බාධා පැමිණවීම පිළිබඳව අප තුල ඇත්තේ කණගාටුවකි. රටේ බොහෝ මාධ්‍යයන් අන් ඇයගේ න්‍යාය පත්‍රයන්ට යටවී ක්‍රියාකරන සමයක අසාධාරණයට එරෙහිව, මුදල් හා වෙනත් පරමාර්ථ වලින් තොර වූ ස්වාධින පුවත් සේවාවක් ලබාදීමට අප කටයුතු කල ඇත්තෙමු.

වෙබ් අඩවිය තහනම් කල විට උසාවි ගානේ යාමටත්, අන්තර්ජාතිකව දැනුවත් කොට මෙය හෙලා දැකීමටත්, මාධ්‍යය නිදහස නැතැයි කියමින් පුවත්පත් වාර්තා පලකරගනිමටත්, ප්‍රොක්සි හරහා වෙබ් අඩවියට පැමිණ පුවත් නරඹන ලෙසත්, වෙබ් අඩවිය තහනම් කල පලිය ගැනීමට දිගින් දිගට පාලන පක්ෂයට දොස් කීමටත් අපට කිසිදු අවශ්‍යතාවයක් නැත.


එහෙයින් ඒ සියල්ලටම තිත තැබීමට කාලය පැමිණ ඇති බව අපට සිතේ. එහෙයින් වසර තුනක් වැනි කාලයක් තුලදී ගොසිප්9 පැමිණි ගමන තාවකාලිකව මෙයින් අවසාන වේ. මේ සමගම ගොසිප්9 වෙබ් අඩවිය, ෆේස්බුක් පිටුව, ගොසිප්9 SMS පුවත් සේවය, අනෙකුත් සියලු සේවා සේවාවන්හි යාවත්කාල කිරීම තාවකාලිකව නවතා දමනු ලැබේ.

නමුත් මෙම ලිපියට ලැබෙන ප්‍රතිචාර පමණක් සැමදා අනුමත වෙනු ඇත.

අපගේ වෙබ් අඩවි නාමය කිසිවෙකුට ලබා නොදෙන අතර එය අප සන්තකයේ දිගටම තැබෙනු ඇත.

අහිංසක නම් වඳුරාගෙන් පටන්ගත් සමාජ සත්කාරය නිර්මලාට හඬක් දීම දක්වා අප ඔසවා තැබුවේ ඔබය. ඔබගේ සහය නොවන්නට අපට මේ තරම් දුරක් පැමිණීමට නොහැකි වන්නේය. පසුගිය කාලය පුරා අප වෙත පුවත් එවමින්, ප්‍රතිචාර සඳහන් කරමින් සහය වූ ඔබ සැමට අපගේ ප්‍රණාමය හිමිවේ !!

අපගේ බිඳවැටීම පිලිබඳ බොහෝ දෙනා ඊ මේල් හා ෆේස්බුක් මගින් විමසා තිබුන අතර ඔවුන්ට පිලතුරු සැපයීමට නොහැකිවුයේ වෙබ් අඩවියේ තහනමත් සමග ඇතිවූ කාර්යබහුලත්වය හේතුවෙනි. 

gossip9.com හෝ gossip9news.com වෙත පනවා ඇති තහනම් රජය විසින් ඉවත් කල දිනයක අප විසින් නැවත පුවත් සේවාව ආරම්භ කරනු ලැබේ.

වාරණය කරන තෙක් පැරණි ලිපි නැරඹිය හැකි ලිපින
gossip9news.blogspot.in
gossip9news.blogspot.jp
gossip9news.blogspot.co.uk
gossip9news.blogspot.jp
gossip9news.blogspot.ru
gossip9news.blogspot.dk
gossip9news.blogspot.fr
gossip9news.blogspot.ae

 
අප යම් දිනක නැවත මෙම සේවාවන් අරඹන්නේ නම් ඒ බව දැනගැනීමට අපගේ ෆේස්බුක් පිටුව වෙත පිවිසෙන්න.
www.facebook.com/gossip9news


ඔබට ජය !
ගොසිප්9 සංස්කාරක මණ්ඩලය

ගොසිප්9 වෙබ් අඩවිය ලංකාව තුල තහනම් කරයි

[2013 පෙබරවාරි 21] gossip9.com හා gossip9news.com වලින් පසු අප විසින් තෝරා ගත් තෙවන ලිපිනය වන gossip9news.blogspot.com ලිපිනයටද මේ වනවිට Telecom තුලින් පිවිසීමට බාධා එල්ලවී තිබේ.

එම නිසා නිසා ඊට සමගාමීව පහත ලිපිනයන්ද වාරණය කරන තෙක් භාවිතා කල හැකිය.

gossip9news.blogspot.in
gossip9news.blogspot.jp
gossip9news.blogspot.co.uk
gossip9news.blogspot.jp
gossip9news.blogspot.ru
gossip9news.blogspot.dk
gossip9news.blogspot.fr
gossip9news.blogspot.ae
------------------------------------------------------------------------------

ඊයේ දිනයේ (20) සවස් කාලයේ සිට ගොසිප්9 වෙබ් අඩවියට Mobitel, Hutch, Etisalat අන්තර්ජාල සම්බන්ධතා ඔස්සේ පිවිසීමට නොහැකි විය.

ගොසිප්9 ෆේස්බුක් පිටුව ඔස්සේ අප සමග අදහස් හුවමාරු කරගත් බොහෝ දෙනා අප වෙත එම තත්ත්වය තහවුරු කළේය.

එමෙන්ම ඊයේ රාත්‍රියේදී අපට ලැබුණු තොරතුරු වලට අනුව සියලුම අන්තර්ජාල සේවා සපයන්නන් හට අප වෙබ් අඩවියට වැට බැඳීම සඳහා නියෝග ලැබී තිබුණි.

ඒවායින් Mobitel, Hutch, Etisalat ඊයේ දිනයේම ක්‍රියාත්මක වූ අතර Telecom, Lankabel, Dialog සඳහා අද උදෑසන පටන් ක්‍රියාත්මක වුනි. නමුත් සවස වනවිට ටෙලිකොම් වලින් පමණක් වෙබ් අඩවිය නැරඹිය හැකි විය.

මේ තත්ත්වය මත පාඨකයන් හට වෙබ් අඩවියට පැමිණීමට නොහැකි හෙයින් අපගේ ෆේස්බුක් පිටුව ඔස්සේ කල හදිසි දැනුවත්කිරීමකින් පසුව gossip9.com නාමය වෙබ් අඩවියෙන් ඉවත්කොට gossip9news.com යන නාමය භාවිතයට ගන්නා ලදි.

නමුත් පැය කිහිපයක් තුලදී Etisalat හා Mobitel තුලින් gossip9news.com යන නාමයද තහනම් විය. එබැවින් අප දැන් gossip9news.blogspot.com යන නාමය භාවිතයට ගෙන තිබේ.

නමුත් මේ වනවිට එම ලිපිනයද ටෙලිකොම් තුලින් පිවිසීමට බාධා එල්ලවී තිබේ.

ඒ අනුව ගොසිප් 9 වෙබ් අඩවියේ ගමන නැවත්වීමට රජයට අවශ්‍යය වී ඇති බව පැහැදිලිව පෙනී යයි.

අන්තර්ජාතික වෙඩි තැබීමට යෝෂිතත් යයි

ලබන 23 වෙනිදා නවසීලන්තයේදී ආරම්භ වීමට නියමිත Australasia 2013 අන්තර්ජාතික වෙඩි තැබීමේ තරඟයට යෝෂිත රාජපක්ෂද සහභාගී වීමට නියමිතයි.

රටවල් 40ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600කට ආසන්න සංඛ්‍යාවක් මේ සඳහා සහභාගී වන අතර ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් 10 දෙනෙකු සහභාගීවේ.

එයින් නාවික හමුදාව නියෝජනය කරමින් සහභාගී වන ක්‍රීඩකයන් 4 දෙනා අතර ලුතිනන් යෝෂිත රාජපක්ෂද ඇතුලත්ව සිටී.

දික්කසාද නඩුවට ගිය ගයාන්ට බිරිඳගෙන් ගුටි වරුසාවක් !

පසුගිය කාලයේ රොෂාන් හා චතුරිකා විවාහය බිඳ වැටුනේ තුන් වන්නෙකුගේ පැමිණීමකිනි. ඒ අන් කිසිවෙකු නොව තවත් ටෙලි නාට්‍ය නළුවෙකු වූ ගයාන් වික්‍රමතිලකගේ පැමිණීමෙනි.

මේ හේතුවෙන් චතුරිකා හා රොෂාන් අතර පැවති විවාහය බිඳී ගිය අතර ගයාන් හා මහේෂි අතර පැවති විවාහයද බිඳී ගොස් තිබේ. පවුල් දෙකක් කඩා කප්පල් කල මෙම සිදුවීම අවසානයේ චතුරිකා රොශාන්ගෙන් වෙන් වුවා සේ ගයාන් සිය බිරිඳගෙන් ද වෙන්වී තිබේ.

ඒ අනුව අප පසුගිය පුවතකින් වාර්තා කරනු ලැබුවේ ගයාන් විසින් දරුවන් සඳහා නඩත්තු මුදල් ගෙවීමට එකඟව විවාහය අවසන් කල බවයි. ගයාන් එසේ නඩත්තු මුදල් ගෙවීමට එකඟ වුයේ ගයාන්ගේ බිරිඳ මහේෂි කඩවත පොලිසියට කරනලද පැමිණිල්ලකට අනුවයි.

ගායන ශිල්පින් තිදෙනෙක් යුග දිවියට

ක්‍රිෂාන්, ටෙහාන් , චන්දන යුගදිවියට

පසුගිය කාලයේ ජනප්‍රිය ගායන ශිල්පින් තිදෙනෙකු යුග දිවියට එළඹුනා. ඒ ඩොක්ටර් සංගීත කණ්ඩායමේ ක්‍රිෂාන් පෙරේරාත්, යොවුන් ගායක ටෙහාන් පෙරේරාත්, චන්දන ලියනආරච්චිත් ය

ඩොක්ටර් සංගීත කණ්ඩායමේ ක්‍රිෂාන් පෙරේරාගේ විවාහය කොටහේන ශාන්ත ලුසිකා දෙවු මැදුරේ සිදුවූ අතර ඔහුගේ මනාලිය වුයේ සචිනි වික්‍රමගේ යි.

"උණුහුම" ගීතයත් සමග ජනප්‍රියත්වයට පත් ටෙහාන් පෙරේරා විවාහ වී ඇත්තේ හශානි නම් යුවතිය සමගය.

ගොසිප්9 පුවතින් කුලප්පු වූ ITN නඩය

වේලුපිල්ලේ ප්‍රභාකරන් ගේ පුතාගේ ජායාරූප අප වෙබ් අඩවියේ පල වීමත් සමඟ ඊයේ ITN නාලිකාව විසින් එය ප්‍රධාන පුවතක් කරගන්නා ලදි.

ඔවුන්ගේ රාත්‍රී 7.00 හා 9.30 පුවත් මඟින් එසේ ගොසිප්9 වෙබ් අඩවියට ප්‍රචාරයක් ලබාදීම ගැන පලමුව අප ඔවුනට ස්තූතිවන්ත විය යුතුය.

වේලුපිල්ලේ ප්‍රභාකරන් ගේ පුතාගේ ජායාරූප පල වූයේ අප වෙබ් අඩවියේ පමණක් නොවන අතර ඉන්දියාවේ ද හින්දු පුවත්පත, බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් පුවත්පත, හා BBC පුවත් ඇතුළු ජාත්‍යන්තර ජනමාධ්‍ය ගණනාවක් ඒවා පල කර තිබුණි.

එසේ තිබියදී රටේ ජනතාව යනු රෑට ITN නිවුස් පමණක් බලා එහි පෙන්වූ ආසියාවේ ආශ්චෛර්යමත් දේශය හෙට උදාවේ යැයි සිතමින් පිළිකන්නට ගොස් සුළුදිය පහකර නිදාගන්නා ලිං මැඩියන් යැයි ඔවුන් සිතීම පිළිබඳව අප කණගාටු විය යුතුය.

දිය යට උමඟක් සහිත දකුණු ආසියාවේ ප්‍රථම මින්මැදුර

දිය යට උමඟක් සහිත දකුණු ආසියාවේ ප්‍රථම මින්මැදුර පෙරේදා බියගම ප්‍රදේශයේදී විවෘත වුණා.

එම උමඟ දිගින් අඩි 30ක් හා පළලින් අඩි 37කින් යුක්ත වන අතර අර්ධ කවාකාර උමඟේ ඉහල ප්‍රදේශයේ ඇති වීදුරුවෙන් මසුන් දැකගත හැකිය.

උමං මඟට ඉහලින් ඇති කරදිය ජල පරිමාව ලීටර් 200,000ක් වන අතර එය දරාගැනීමට යෙදූ ජපානයේ නිෂ්පාදනය කරන ලද වීදුරුවේ ගනකම අඟල් 3කි.

මානව හිමිකම් සහ ලංකාවේ ඉදිරි අභියෝග

ප්‍රභාකරන්ගේ පුතුගේ මරණයට පෙර ජායාරුප පළවීමත් සමග බොහෝ දෙනා අපව සම්බන්ධකොට එම ජායාරුප පිලිබඳ විමසීම් කළේය. අප වෙබ් අඩවියෙන් ඉවත් කලත් අන්තර්ජාතික වෙබ් අඩවි හරහා මෙම ජායාරුප පෙළ පල කලේ මෙයට පෙරය.

කොටින්ම ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව සිය සටන පටන් ගත්තේ ගිය වසරේ මානව හිමිකම් සමුළුව අවසානයේදීය. එතැන් පටන් දීර්ඝ කාලයක් ඔවුන් ලංකාවට විරුද්ධව සැකසු දත්ත ඔවුන් ඉදිරියේදී එලි දැක්වීමට නියමිතයි.

ඉරානය තුල බුද්ධ ප්‍රතිමා තහනම් වේ

ඉරානය තුළ බුද්ධ ප්‍රතිමා භාවිතය, විකිණීම, ප්‍රදර්ශනය කිරීම හා ගෙන්වීම මේවනවිට සම්පූර්ණයෙන් තහනම් කර තිබේ

එයට හේතු වශයෙන් ඔවුන් දක්වා ඇත්තේ එරට තුළ බුද්ධ ප්‍රතිමා හරහා අන්‍ය ආගමක් ප්‍රචාරණය විය හැකි බවය. මෙයට පෙර ඉරානය තුල සිම්සන් කාටුන් චරිතවල හා බාබි බෝනික්කන් අලෙවියතහනම් විය. 


ඉරානය තුල මෙතෙක් කල් තහනමට ලක්වුයේ බටහිර අයිතම පමණක් වූ අතර බුදුරුව තහනම් කිරීම මගින් ඔවුන් ප්‍රථමවතාවට බටහිර විරෝධය ඉක්මවා පෙරදිග භාණ්ඩ සඳහාද සම්බාධක පැනවීම ගැටලුවට කරුණකි.

මෙම තහනම් කිරීම පිලිබඳ එරට බලධාරීන් පවසන්නේ අන්‍යාගමිකයන්ට සිය ආගම ඇදහීමට ඉරානය තුල ඉඩ ඇති බවත් දැනට ඉරානයේ බොහෝ විට බුදු පිලිම භාවිතා වන්නේ නිවාස අලංකාරණයට හා මෝටර් රථවල තැබීමට නිසාවෙන් මෙම තහනමෙන් අන්‍යාගමිකයන්ට ගැටළුවක් නොවන බවය. 


තවද ඔවුන් මේ ඔස්සේ දක්වන අනෙක් මතය වන්නේ බුද්ධ ප්‍රතිමා ඔස්සේ ඉරානයේ සංස්කෘතිය ආක්‍රමණයට ලක්විය හැකි බවය.

බදුල්ලේ නිධන් හාරන නිමල් සිරිපාල ගේ ගෝලයෝ

බදුල්ල, ගලඋඩ, තලාකුඹුර , නුගගහහේන ප්‍රදේශයේ නිධානයක් ගොඩගනිමින් සිටි තිදෙනෙකු ඊයේ පොලිස් අත්අඩංගුවට පත්විය.

මෙය පෞද්ගලික ඉඩමක සංවර්ධන කටයුත්තක් සිදුකරන මුවාවෙන් සිදුකරන ලද්දක් බව වාර්තා විය.

එසේම ඉඩම් හිමිකරු පැමිණ පොලිස් නිලධාරීන්ට තර්ජනය කරනු දක්නට ලැබුණි.

මෙහි මාධ්‍යට හෙළි නොවූ පැත්ත මෙසේය.

පියාගේ අභාවයෙන් පසු කාවිංග දේශපාලනයට

ප්‍රකට වෘත්තීය සමිති නායකයකු හා දේශපාලන ක්‍රියාකාරිකයකු වූ රවීන්ද්‍ර ලාල් පෙරේරා මහතා පසුගියදා අභාවප්‍රාප්ත විය. ඔහුටෙලි නාට්‍යය නළු කාවිංග පෙරේරාගේ පියා වේ. 

සිය පියාගේ අවසන් කටයුතු වෙහෙස මහන්සි වී ඉටු කල කාවිංග ඉන්පසුව සිය පියාගේ දේශපාලන ගමන ඉදිරියට ගෙන යාම සඳහා කාවිංග තීරණය කර ඇති බව වාර්තා වේ. 

ඒ අනුව කාවිංග පෙරේරා ඉදිරියේදී දේශපාලනයට පැමිණීමට නියමිත බව අප වෙතා වාර්තා වේ.තමාගේ රංගන කටයුතුත් දේශපාලන කටයුතුත් සමබරව කරගෙන යෑම ඔහුගේ අරමුණ වී ඇත. 

පසුගිය කාලයේ අභාවප්‍රාප්ත වූ ලාල් පෙරේරා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව කටයුතු කල අයෙකි. 

එෆ් එම් නාලිකාවල ගීත කියන්නේ නපුංසකයෝ- මහාචාර්ය සරත් විජේසූරිය

ඉතාලියේ මිලානෝ සිංහල සාහිත්‍ය සංගමය විසින් මෙහෙයවූ වැඩසටහනකදී මහාචාර්ය සරත් විජේසූරිය පසුගියදා එෆ්.එම් නාලිකා වලින් විකාශය වන ගීත විවේචනයට ලක්කර තිබුනා.

එම ගීත ඇහෙන කිසිම දවසක ඒවා කියන්නේ පිරිමියෙක් කියලා හැඟෙන්නේ නැති බවත්, නපුංසක ගතියක් දැනෙන බවත් ඔහු පවසා තිබුනේ මෙලෙසින්.

නිරෝෂා සමඟ පබාගේ නර්තනය

"ඉරෝෂයි නිරෝෂයි" වැඩසටහන කොපි කරමින් හිරු නාලිකාව විසින් ඉදිරිපත් කරන නිරෝෂා පෙරේරාගේ "Niro with star" වැඩසටහනට ඊයේ සහභාගීවූයේ උපේක්ෂා ස්වර්ණමාලී ය.

වැඩසටහන අවසානයේ ඇය නිරෝෂා සමඟ නර්තනයක යෙදුනා.

එම වීඩියෝව පහතින්.

චිලිගේ පෙම්වතියගෙන් චිලිට නිදන ඇඳක් තෑගී

ජනප්‍රිය ගායකයෙකු මෙන්ම ටෙලි නාට්‍ය නළුවකු වන චිලි පසුගියදා ඔහුගේ විසි අටවන උපන්දිනය ඉහලින් සැමරූ අතර එහිදී ඔහු අසලින්ම සිටි යුවතියක් ගැන කතාබහට ලක්වුවා. 

ඇය පිළිබඳව චිලිගෙන් විමසීමේදී චිලි මාධ්‍යයට පවසා තිබුනේ විදේශයක සිට මෑතකදී ලංකාවට පැමිණි ඇය ඔහුගේ සමිපතම මිතුරියක් පමණක් බවය. 

ඇය මෝස්‌තර නිරුපන ශිල්පය හදාරා ඇති බැවින් තමාගේ ඇඟලුම් ව්‍යාපාරයට ඇයගේ සහය ඉතා හොදින් ලැබෙන බවද චිලි ප්‍රකාශකොට තිබෙනවා. 

කෙසේ නමුත් චිලිගේ මෙම සමීපතම යෙහෙලියගෙන් චිලිගේ උපන්දිනය සඳහා ලැබී ඇත්තේ අපුරු තෑග්ගක්. 

රන්ජන්ගේ අපි නොදත් කැරැට්ටුව

මහනුවර ගුරුවරියකාගෙන් රුපියල් දස ලක්‍ෂයක මුදලක් ලබාගැනීම හා බොරු විවාහ පොරොන්දු ලබාදීම යන චෝදනා යටතේ එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර හා සිනමා නළු රන්ජන් රාමනායකටේ එරෙහිව නඩුවක් අධිකරණයේදී මේවනවිට විභාග වෙමින් පවතී.

එහිදී පැමිණිලි පාර්ශවයේ නීතිඥ වරයාගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රන්ජන් රාමනයාක තමා පිලිබඳ හැදින්විමක්ද සිදු කළේය. එහිදී මෙතෙක් අනාවරණය නොවූ කරණක් රන්ජන්ගේ හෙළි වුවා.

ඒ රන්ජන් රාමනයාක සිය රනගන දායකත්වය හොලිවුඩ් හා බොලිවුඩ් චිත්‍රපට සඳහාද ලබාදී ඇති බවය.

රන්ජන් ඒ බැව් කියා සිටියේ මෙලෙසින්.

පොල් ගෙඩි 8 ගැන නෑසූ කතාව

නයි නලඟනගේ සිද්ධියෙන් පසු පසුගියදා ලංකාවේ ජාතික පුවත්පත් වල ප්‍රධාන පුවතක් වූයේ පොල් සොරකමක් කල දැරියක් පිළිබඳ පුවතකි.

සොරකම් කළ දැරියට දැරියට ඒ වෙනුවෙන් තෑගි බෝගද ලැබුණි. රටේ ජනමාධ්‍ය විසින් නයි නළඟන තරුවක්‌ කළා සේම මේ ළමයාවද ලිට්‌ල් ස්‌ටාර් කෙනෙකු කර ඇත.

මෙම සිද්ධියේ සෑබෑවටම සිදුවූයේ කුමක්ද යන්න එම පොල් වත්තේ හිමිකරු හා දැරියගේ මව හමුවී ඊයේ දිවයින පුවත්පතින් හෙළිකර තිබුණි. එම හෙළිකිරීම පහතින්.

දිනක්ෂි මගේ පෙම්වතිය නෙවෙයි - රොෂාන් රණවන

වයි එෆ්. එම් මගින් පෙම්වතුන් ගේ දිනය වෙනුවෙන් සංවිධානය කල "වයි එෆ්. එම් රෙඩ් හොට් පාටි" උත්සවය සඳහා කලා ක්‍රේෂ්ත්‍රයේ පෙම්වතුන්ද පැමිණ සිටියා. ඒ අතර මේනක හා නෙහාරා, රුවන් හා ෂෙරිල් ද දක්නට ලැබුනා. 

තවද ජනප්‍රිය චිත්‍රපට නළුවකු වන රොෂාන් රණවන හා ජනප්‍රිය යොවුන් නිලි දිනක්ෂි ප්‍රියසාද් ද පැමිණ සිටියා. ඔවුන් දෙදෙනා එකට සිටි ජායාරුපයක් අල්ලමින් වෙබ් අඩවියක පල කල ප්‍රවෘතියක දැක්වුයේ ඔවුන් දෙදෙනා පෙම්වතුන් බවයි. 

එහි ඇත්ත නැත්ත දැනගැනීම සඳහා ගොසිප්9 රොෂාන් රණවන සම්බන්ධ කරගත්තේ. පහතින් දැක්වෙන්නේ රොෂාන් රණවන විසින් අප වෙත දැක්වූ ප්‍රතිචාරයයි.

ගොසිප්9  : ඔබත් දිනක්ෂිත් පෙම්වතුන් කියන්න කතාව ඇත්තක්ද?

ජනපතිගෙන් ෆවුසිට ටොක්කක්

හලාල් ප්‍රශ්නය හේතුවෙන් ම්වනවිට රටම කැළඹී ඇතිඅතර මෙවර කැබිනට් මණ්ඩලයේද හලාල් උණුසුම් මාතෘකාවක් බවට පත්වී තිබුණි. 

මෙහිදී ජාතික හෙළ උරුමයේ අමාත්‍ය පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා හලාල් වලට විරුද්ධව දැඩි මතයක සිටි අතර වේගවත් කාතාවක්ද කැබිනට් රැස්වීමේදී සිදුකොට ඇත. 

ඉන් අනතුරුව එයට පිළිතුරු දුන්නේ අමාත්‍යය ඒ. එච්. එම්. ෆවුසිය.

"මටත් මේගැන කියන්න දෙයක් තියෙනවා.මෙතන ඉන්න අයටනම් හලාල් ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්.හැබැයි මට ප්‍රශ්නයක් තියෙනවා. මම ලැස්ති නැහැ සිංහල බෞද්ධ ඇමතිවරු කියන විදියට හලාල් නොගෙන ඉන්න. 


ඒක අපේ ආගමේ තියෙන ශුද්ධ දෙයක්.දැන් බලන් ඉන්න මම ඇඳන් ඉන්න ෂර්ට් එක , කෝට් එක. ඒ ඔක්කොම හලාල්.ඒ වගේම මගෙත් එක්ක ඇඳේ එකට නිදාගන්න මගේ බිරිඳත් හලාල්.හැබැයි වෙන ගෑනු කෙනෙක් එක්ක හිටියොත් හරාම්. ඒ කියන්නේ අපිරිසිදුයි.

එසේ ෆවුසි අමාත්‍යවරයා අදහස් දැක්වීමත් සමග එතෙක් උණුසම් වී තිබු සභාව අමාත්‍යවරුන්ගේ සිනා හැදින් පිරි ඉතිරිගොස් ඇත. සිනාව මැද්දෙම ජනපතිවරයා "ඒ කතාව නම් ෆවුසි කිව්වේ හකීම්ටද කොහෙද" යනුවෙන් ප්‍රකාශ කිරීමත් සමග සභාවේ සිනාව දෙගුණ වී ඇත.හකීම් ගේ මුහුණ රතුවී ඇත.

රූපාවහිනියෙන් එලෙව්වාට නදීෂා යකා නටයි

ජනප්‍රිය ටෙලි නාට්‍යය නිළියක් මෙන්ම චිත්‍රපට නිළියක් වන නදීෂා හේමමාලි පසුගිය දිනෙක රූපවාහිනියේ ගැටුමක් ඇතිකොටගෙන තිබෙනවා. 

මෙම ගැටුමට හේතු වී ඇත්තේ එම වැඩසටහනට පැමිණියත් ඇය හැද සිටි ඇඳුම එම අවස්ථාවට නොගැලපෙන හෙයිනි.  

ගෘහණියන්ගේ ප්‍රියතම වැඩසටහනක් වූ රුපවාහිනියේ දිනපතා විකාශනය වන නුග සෙවන වැඩසටහනට එක්තරා රුව වඩවන නිෂ්පාදනයක සන්නම් තානාපතිනිය ලෙස එම නිෂ්පාදනය පිලිබඳ වර්ණනා කිරීමට නදීෂා හේමමාලි පැමිණ ඇත.


නමුත් ඇය ඇඳසිටි ඇදුම් මගින් ඇයගේ බොහෝ අගපසඟ නිරාවරණය වී තිබු හේතුවෙන් එම වැඩසටහනේ නිසි බලධාරින් විසින් නදීෂා එම වැඩසටහනට එක්කරගැනීම ප්‍රතික්ෂේපකොට තිබෙනවා. 

එය ඇසීමත් සමග කෝපයට පත්වූ නදීෂා නුග සෙවන වැඩසටහනේ නිලධාරීන්ට බැන වැදී තිබෙනවා. 

රුසියාවට කඩා වැටුණු උල්කාවක් නිසා 950කට තුවාල

උල්කාව වැටුණු ස්ථානයේ ජායාරූප පහතින්

අද උදෑසන රුසියාවේ Chelyabinsk නගරයට කඩා වැටුණු උල්කාපාතයක් නිසා 950ක් පමණ තුවාල ලබා තිබෙනවා.

සුපර් සොනික් ශබ්දයක් සහිතව පොළොවට ලඟාවූ එම උල්කාවෙන් බොහෝ දෙනා තුවාල වී තිබෙන්නේ එම කම්පනය නිසා ගොඩනැඟිලි වල වීදුරු කැඩී විසිවීම නිසාය.

Chelyabinsk නගරය පිහිටා තිබෙන්නේ මොස්කව් නගරයට කිලෝමීටර් 1,500ක් නැගෙනහිට දෙසින් කසක්ස්ථාන දේශසීමාව ආසන්නයේය.

රුසියාවේ වේලාවෙන් උදෑසන 9.22ට පමණ (ලංකාවේ වෙලාවෙන් 8.52 ට) සුදු පැහැති දුම සහිත දිගු වල්ගයක් සහිතව දීප්තිමත්ව කඩා වැටුණු මෙම උල්කාව කිලෝමීටර් 200ක් දුරට දර්ශනය වී තිබෙනවා.

ලංකාවේ උපත් පාලන කොපු මිලදීගැනීම දැනුවත් කරන්න තැනු වීඩියෝව


ලංකාවේ සිදුවන අනාරක්ෂිත ලිංගික එක්වීම් තුලින් සිදුවන අනිසි ඵල විපාක අවම කිරීමේ අරමුණෙන් ලාංකික ජනතාව තුල උපත්පාලන කොපු මිදී ගැනීමේදී ඇති පසුබා යාමේ ස්වභාවය අවමකරගැනීමේ අරමුණෙන් "Rotaract Club of Cinnamon Gardens" නම් සංවිධානයක් විසින් "Doing it right" යනුවෙන් කල ව්‍යාපෘතියක් යටතේ අන්තර්ජාලයට නිකුත් කල වීඩියෝවක් පිලිබඳ මේවනවිට ආන්දෝලනාත්මක තත්වයක් නිර්මාණය වී ඇත.

මෙහිදී ඇතැම් පිරිස් එම දැනුවත් කිරීම අගය කරන අතර තවත් පිරිසක් පවසන්නේ මෙම දැනුවත් කිරීම මගින් යෞවනයේ පසුවන පිරිස් නොමග යවන බවයි. 

කෙසේ නමුත් මේ හේතුවෙන්ම මෙම වීඩියෝවේ පෙනී සිටි ඇතැම් තරුණියන්ට සිය ෆේස්බුක් ගිණුම් වසාදෑමිමේ තත්වයක් මේවනවිට උදාවී තිබෙනවා. 

එම වීඩියෝව බලන්න පහතින්

සුපර් ස්ටාර් තරුණියන් සමඟ නොහොබිනා ලෙස හැසිරීම හා ගංජා මාට්ටුවීම නිසා සිරසේ තොගයක් ඉවතට

ගංජා ලඟ තබාගැනීම හා සුපර් ස්ටාර්-5 තරඟයේ තරුණියන් සමඟ අහු මුලු වල සිට හසුවීම ආදී චෝදනා ගණනාවක් මත සිරස ටීවී ආයතනයේ සේවකයින් කිහිපදෙනෙකු සේවයෙන් ඉවත් කර තිබේ.

තවත් සේවකයෙකු ඉවත් කර ඇත්තේ මැදිරි සංකීර්ණයේ රූපලාවණ්‍ය කටයුතු වල නියුතු කාන්තාවකට නොහොබිනා දේ පැවසීම නිසාය.

ඊට අමතරව මෙම සිද්ධීන් වලට සම්බන්ධ තවත් 16 දෙනෙකුට පමණ එරෙහිව මේ වනවිටත් විනය පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවයි දැනගන්නට ලැබෙන්නේ.

මෙම සිද්ධීන් වලට මූලික වී ඇත්තේ මේ දින වල පැවැත්වෙන සුපර් ස්ටාර් තරඟාවලියට සහභාගී වන තරුණියක හා සබඳතාවක් පවත්වමින් අහු මුලු වල පෙම් බස් දෙඩීම නිසා ආයතනයේ සහායක නිෂ්පාදකවරයෙකු සේවයෙන් ඉවත් කිරීම බවයි ගොසිප්9 වෙත වාර්තා වෙන්නේ.

ඔස්කාර් පි‍්‍රස්ටෝරිස් සිය පෙම්වතියට වැරදිමකින් වෙඩි තබයි

පැරා ඔලිම්පික් උළලේ "බ්ලේඩ් රනර්" නම් අන්වර්ථ නාමයෙන් හදුන්වන දකුණු අප්‍රිකානු ධාවන ශුර ඔස්කාර් පි‍්‍රස්ටෝරිස් ලොව ජනප්‍රිය චරිතයකි. 26 හැවිරිදි ඔස්කාර් විසින් සිය පෙම්වතිය වන දකුණු අප්‍රිකානු නිරුපන ශිල්පිනියක වන රීවා (30) හට වැරදීමකින් වෙඩි තබා තිබෙනවා. 

ඒ ඇය වැලන්ටයින් දිනයේ ඔස්කාර් පුදුම කිරීම සඳහා නිවසට අතුල්විමෙදියි. එහිදී ඔස්කාර් එය වටහාගෙන ඇත්තේ හොරෙකුගේ පැමිණීමක් ලෙසය. 

ඒ ක්ෂණයෙන්ම ඔස්කාර් විසින් පෙම්වතියගේ ඔලුවටත් අතටත් වෙඩි පහරවල් හතරක් එල්ලකොට තිබෙනවා. 

එම වෙඩි පහරවල් වලින් ඇය එම ස්ථානයේදීම මියගොස් ඇති අතර මියගොස් තිබෙන්නේ සොරෙකු නොව තම පෙම්වතිය බව ඔස්කාර් දැනගෙන ඇත්තේ ඇය එම ස්ථානයේම මිය යාමෙන් අනතුරුවය. 

අනවසර ගවමස් වෙළඳසැලක් වැටලීමෙන් තිහාරිය කැළඹේ

ඊයේ දින උදෑසන අත්තනගල්ල ප්‍රාදේශීයසභා බල ප්‍රදේශයේ තිහාරිය නගරයේ හිජ් රා මාවතේ කලක සිට පවත්වාගෙන ගිය නීතිවිරෝධී හරක්මස් වෙළඳසැලක් වටලා තිබෙනවා. 

අත්තනගල්ල ප්‍රාදේශීයසභා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හා නිට්ටඹුව පොලීසිය විසින් මෙම වැටලීම සිදුකොට තිබෙනවා.වැටලීමට ගිය අවස්ථාවේ ඔවුන්ට දැනගැනීමට හැකිව ඇත්තේ ගවමස් විකිනීමට අදාලව එම ස්ථානය කිසිදු බලපත්‍රයක් ලබාගෙන නොමැති බවය.

එහිදී එම ගව මස් වෙළඳසැලේ හිමිකරු හා වැටලීම සිදුකල පිරිස අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවූ තිබුනා. ගවමස් වෙළඳසැලේ හිමිකරු කියා සිටියේ තමා මෙම වෙළඳසල අවරුදු පහළොවක් තිස්සේ කරගෙන ආ බවත් මේ වැටලීම පිලිබඳ ජනාධිපතිවරයාට පෙත්සමක් ඉදිරිපත් කරන බවය.

එහිදී ගව මස් වෙළදසැලේ හිමිකරු කල කතාව මෙසේය

වැලන්ටයින් වලට සැරසුනු ඉන්දියාවේ පෙම්වතුන්ට ප්‍රහාර

අද පෙම්වතුන්ගේ දිනය නොහොත් වැලන්ටයින් දිනයයි. පෙම්වතුන්ගේ නිදහස වෙනුවෙන් කැපවුණු ක්‍රිස්තියානු පුජකවරයෙකු වන ශාන්ත වැලන්ටයින් පුජකවරයා සිහිපත් කිරීම උදෙසා මෙම වැලන්ටයින් දිනය සමරනු ලැබේ. මෙහි ඉතිහාස කතාව මෙසේය. 

රෝමයේ ජීවත්වූ වැලන්ටයින් පූජක තුමා වෛද්‍යවරයකු ලෙසද කටයුතුකළ අයෙකි. රෝමය පාලනය කරනු ලැබූ ක්ලොඩියස් නම් කෲර පාලකයාගේ පාලන සමයේ දී තරුණ තරුණියන්ගේ විවාහයට බාධා ඇති විය.

ඒ යුද්ධය නිසාවෙන් වන අතර සියලුම තරුණයන් යුද්ධයට යාම අනිවාර්ය අතර විවාහය තහනම් විය. ඒ හේතුවෙන් තරුණ තරුණියන්ට විවාහ වීමට නොහැකි විය. මේ අතර වැලන්ටයින් පූජකතුමා මැදිහත්ව පෙම්වතුන් හොර රහසේ විවාහ කර දුන් අතර මේ නිසාම පූජකතුමා ක්ලෝඩියස්ගේ උදහසට ලක්ව දඟගෙයි දුක් විඳ ක්‍රි.ව. 270 අද වැනි දිනක දී ලෝකයෙන් සමුත්තේ ය.

උල්කාපාත වැටීම නැවත ඇරඹෙයි

පසුගිය කාලයේ ලංකාවේ විවිධ ප්‍රදේශ වලට වැටුණු උල්කාපාත පිළිබඳ පුවත් ටික කලකට යටපත්වී නැවතත් වාර්තාවීමට පටන්ගන තිබෙනවා.

පසුගිය දින කිහිපයේ දඹුල්ල, තිස්සමහාරාමය, මහනුවර අලදෙනිය, හැටන්, බත්තරමුල්ල යන ප්‍රදේශ වල අහසින් පාෂාන කොටස් වැටී තිබෙනවා.

ඒ අතර හැටන් ප්‍රදේශයට වැටුණු රත්‍රන් පැහැති ගුලි විශේෂයි.

මීට පෙර ලංකාවට වැටුණු උල්කාපාත සියල්ලම පිළිබඳව ගොසිප්9 ඔබට වාර්තා කළ අතර නවතම උල්කාපාත පිළිබඳව වාර්තාවකි මේ.

විවෘත විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ බංකු රාත්‍රියේ ගලවයි

විවෘත විශ්වවිද්‍යාලයේ සිසුන් සඳහා අධ්‍යයන කටයුතු කරගෙන යාමට එළිමහන් භූමියේ සකසාගෙන තිබූ ආසන (Bench) විශ්වවිද්‍යාල පරිපාලනය විසින් ඊයේ රාත්‍රියේදී අත්තනෝමතික ලෙස ගලවා ඇත. 

මේ සම්බන්ධයෙන් ආරක්ෂක අංශයෙන් ශිෂ්‍යයන් කල විමසීමේදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ ඉහලින් ආ නියෝගයකට තමන්ට කටයුතු කිරීමට සිදුව ඇති බවයි.ඒ අනුව ඊයේ රාත්‍රියේදී එයට විරෝධය පළකරමින් සිසුන් පෙළ ගැසීමෙන් විවෘත විශ්ව විද්‍යාලය තුල උණුසුම් තාවයක් හටගෙන ඇත.

මෙම සිදුවීම වීමට ප්‍රථම උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී දිසානායක සහ විවෘත විශ්ව විද්‍යාලයේ උපකුලපති වරයා වන ආචාර්ය විජිත නානායක්කාර මහතා සමග පැය ගණනක සාකච්චාවක් පවත්වා ඇති අතර ඉන් ටික දිනකට පසුව ලබන 15 වන දින අධ්‍යයන කටයුතු කරගෙන යාමට එළිමහන් භූමියේ සකසාගෙන තිබූ ආසන (Bench)ඉවත්කිරීම සඳහා විශ්ව විද්‍යාලය වසා දමන බවට දැන්වීමක් ප්‍රදර්ශනය කර ඇත. 

හැකි තරම් බල මාළු කන්න - ඇමති විමල් ගෙන් ඉලීමක්

හැකි තරම් බල මාළු අනුභවයට ගන්නා ලෙසඉදිකිරීම් ඉංජිනේරු සේවා හා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා ඉල්ලීමක් කොට තිබෙනවා. 

ඔහු මෙම ඉල්ලීම සමස්ත ශ්‍රී ලාංකිකයන්ගෙන්ම ඉල්ලා ඇත්තේ පසුගියදා මුල්ලේරියාවේදී පවතී රැස්වීමක් අමතමින්.

එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ජපන් ජාතිකයන්ගේ මොලය මෙතරම් දියුණු වී ඇත්තේ බල මාළු අනුභව කිරීමෙන් බවයි.

එහිදී වැඩි දුර අදහස් දැක්වූ අමාත්‍යවරයා

විවෘත කිරීමටත් පෙර පුපුරා යන දැයට කිරුළට සෑදූ අම්පාරේ කාපට් පාරවල්

දැයට කිරුළ උත්සවයට සාදන බවට කටවුට් ගසා ප්‍රචාරය කළ මාර්ගයගේ අලුත්වැඩියාවක් සිදු නොවන නිසා ගම්වාසීන් විසින් කළ උද්ඝෝෂණයක් පිලිබඳ තොරතුරු මීට පෙර ගොසිප්9 ගෙන ආවා.

නමුත් දැයට කිරුළ සඳහා අම්පාර ප්‍රදේශයේ මේ දින වල සාදන මාර්ගයන්ගේ ප්‍රමිතිය පිළිබඳව බොහෝ ගැටළු මතුවී තිබෙනවා. කාපට් අතුරා වැඩ නිමා කළ පසු එම මාර්ග පුපුරා ගිය තැන් බොහෝය.

මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරීන්ද තමන්ට ලැබෙන සන්තෝසම් නිසා මේ පිළිබඳ ඇහැ කන පියාගන සිටින අතර කාපට් ඇතිරූ පසු මාර්ග විවෘත කිරීමටත් පෙර පුපුරා ගිය ජායාරූප කිහිපයක් පහතින්.

උදාරිගේ ලෝක සංචාරය

උදාරි වර්ණකුලසුරිය පසුගිය වසරේ මවක් බවට පත්වුයේ ෂෙනර්යා උමෙයිලි දියණිය හට මෙලොව එලිය ලබාදෙමිනි. දියණියගේ ආගමනයෙන් පසු උදාරි සිය සැමියා වන සුජිත් සමග ලොව පුරා සංචාරය කර තිබුනා. ඉතාලියේ රෝමය, වෙරෝනා හා වැනීසිය, ප්‍රංශයේ පැරිස්, නෙදර්ලන්තය ආදී නගර වල ගත් ජායාරුප එකතුවක් බලන්න පහතින්.

ලසිත් මාලිංග ගේ අලුත්ම වාහනය

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේසුපිරි වේග පන්දු ක්‍රීඩක ලසිත් මාලිංග නවතම මෝටර් රථයක් මිලදී ගෙන ඇතැයි වාර්තා වේ.

ලසිත් මාලිංග වාහන වලට දැඩි ඇල්මක් දක්වන පුද්ගලයෙකු වන අතර මේ වන විට ඔහුගේ වාහන එකතුවේ BMW Series 7 වර්ගයේ වාහනයක්, ප්‍රාඩෝ, ඇතුළු වාහන පහකට ආසන්න ගණනක් ඇත. 


එම වාහන වලින් ඇතැම් වාහන ඔහු වරකට දෙවරකට වඩා භාවිතාකොට නැත. ඒ අනුව ඔහුගේ වාහන එකතුවට එකතු වන නවතම වාහනය වන්නේ මිට්සුබිෂි ලාන්සර් එවලුෂන් X  වර්ගයේ රේසින් මෝටර් රථයකි.

මෙම මෝටර් රථයේ ටර්බෝ බලගැන්වු සිලින්ඩර් හත‍රේ පැයට කිලෝමීටර් 300ක වේගයෙන් ධාවනය කළ හැකි අතර ද්විත් කි‍්‍රයාකාරී ක්ලචයකින් හා ගියර හයක් මාරු කළ හැකි ගියර පෙට්ටියකින්ද (6-Speed twin clutch gear box) යුක්ත වේ.

ඛනිජ තෙල් කර්මාන්ත ඇමැතිගේ පළමු උත්සවයේ වියදම කෝටිය පනී

පසුගිය 30 වෙනිදා සිය අමාත්‍යාංශයේ රාජකාරී ආරම්භ කළ ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා අද පෙරවරු 10.00 ට පළමු වරට කොලොන්නාව තෙල් නිමා සංකීර්ණය වෙත පැමිණීමට නියමිතයි.

එම උත්සවය මුල්කරගෙන රුපියල් ලක්‍ෂ 42ක්‌ වැයකර එම ගොඩනැඟිලි පරිශ්‍රයේ තීන්ත ආලේප කර තිබේ.

එම තීන්ත ආලේප කිරීමේ කටයුතුවල නිරත සේවක සේවිකාවන් 400 දෙනකුට දින හතරකට අතිකාල දීමනා ලෙස රුපියල් ලක්‍ෂ 35ක්‌ වැයවී ඇතැයි ගණන් බලා ඇත.

මුස්ලිම් නිතිය පොත එලි දැක්වූ දා

ජ්‍යෙෂඨ නිතීඥ කරුණාරත්න හේරත් මහතා විසින් රචිත "මුස්ලිම් නීතිය" කෘතිය දොරට වැඩීම බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි ඊයේ දිනයේ සිදු කෙරිණි.

ප්‍රධාන ආරාධිතයා වශයෙන් ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාෆා සහභාගීවූ අතර මේ සඳහා ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු, ජාතික භික්‍ෂු පෙරමුණේ සභාපති පූජ්‍ය දඹර අමිල හිමියෝ ද නීතිපති පාලිත ප්‍රනාන්දු මහතා, ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා ඇතුළු සියළු ජාතීන් නියෝජනය කරමින් ගිහි පැවදී විශාල පිරිසක් එක්වී සිටියහ.

එහිදී මෙම පොත එලි දැක්වූ ජ්‍යෙෂඨ නිතීඥ කරුණාරත්න හේරත් අදහස් දක්වා සිටියේ මෙලෙසින්

අම්බුළුවාවේ නිධන් හෑරූවේ අගමැති- අම්බුළුවාවේ විහාරාධිපති

නිධාන් ගොඩ ගැනීම කලක පටන් පාලක පක්ෂය විසින් ජයටම කරගන ගිය කටයුත්තකි.

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පුත් සජිත් ප්‍රේමදාස විසින් නිධාන් ගොඩ ගැනීම පිළිබඳව ජනතාව අතර කසුකුසුවක් තිබුණා.

පසුගිය කාලයේ එම චෝදනාව එල්ලවුනේ නාමල් රාජපක්ෂටයි.

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

"බිඳුණු පතිවත හදන පිළිවෙල" නමින් මීට පෙර අප විසින් බිඳුණු කන්‍යා පටල සෑදීම පිළිබඳ පුවතක් පලකිරීමෙන් පසු බොහෝ පුද්ගලයන් අප වෙත ඊමේල් පණිවිඩ එවමින් එම වෛද්‍යවරයා සම්බන්ධ කරගත හැකි ආකාරය ගැන විමසා සිටියා.

බිඳී ගිය කන්‍යා පටල නැවත සෑදීම විදෙස් රටවල සිදුවුනද ලංකාවට එය අලුත් අත්දැකීමක්. මෙතෙක් කලක් එවැනි ශල්‍යකර්ම සිදුවුනේ හොර රහසේය. නමුත් මේ වනවිට එය නීත්‍යානුකූලව ලංකාවේ සිදුවෙනවා.

IHIPST ආයතනය මෙය ලංකාවේ සිදු කරන අතර මෙම සඳහා වෙබ් අඩවියක්ද පවතී. අන්තර්ජාලය හරහා ඔවුන්ව සම්බන්ධ කරගත හැකි බවයි එහි සඳහන් වෙන්නේ.

මේ පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට ගොසිප්9 අපි ඔවුන්ගෙන් ඒ පිළිබඳ කරුණු විමසා සිටියා.

මරදානේ වැටලූ ගණිකා මධ්‍යස්ථානය

මරදාන ප්‍රදේශයේ රහසිගතව පවත්වාගන ගිය ගණිකා මධ්‍යස්ථානයක් අද වටලණු ලැබුවා.

එහිදී කාන්තාවන් 7 දෙනෙකු අත් අඩංගුවට පත්වූ අතර ඔවුන් අළෙවි වී තිබුනේ රු. 2,500න් ඉහල මිල ගනන් වලටයි. ඒ අතර ගැබිනි කාන්තාවකද වුනා.

හදිසි අවස්ථාවකදී පැනයාමට කුරුබිලියක් හා සැඟවී සිටිය හැකි කුඩා කුටි ද තිබී ඇති මෙය පවත්වාගන ගොස් තිබුනේ තරුණියන්ගේ නවාතැන්පොලක් ලෙසයි.

වැටලූ අවස්ථාවේ වීඩියෝ පහතින්.

ප්‍රියංකා චොප්රා සිය ප්‍රථම මියුසික් වීඩියෝව නිකුත් කරයි.

සුප්‍රසිද්ධ බොලිවුඩ් නිලි ප්‍රියංකා චොප්රා ගීත ගායනයට එක්වී තිබෙනවා.

ඇය විසින් පසුගිය සැප්තැම්බර් මාසයේ "In My City" නමින් ඉංග්‍රීසි බසින් යුත් ගීත ඇල්බමයක් නිකුත් කල අතර මීට දින කිහිපයකට පෙර එහි වීඩියෝ ඇල්බමය නිකුත් කලා.

ගීතය ගායනා කරන්නේ ප්‍රියංකා චොප්රා ම වන අතර වීඩියෝවේ පෙනී සිටින්නේද ඇයමය. ගීතය අන්තර්ජාලය වෙත එක් කර දින 4ක් තුලදී මිලියනයකට අධික පිරිසක් එය නරඹා තිබෙනවා.

ප්‍රියංකාගේ මෙම ඇල්බමය සඳහා ඇමරිකානු රැප් ගායකයකු වන විලියම් (Will.I.Am) ද සහභාගී වී තිබෙන අතර එම ගීතය පටිගත කර තිබෙන්නේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේය.

ජනපතිගේ ගංග්නම් නර්තනය

ගංග්නම් නර්තනය සහිත ගීතය මේ වනවිට ලෝකයේ වැඩිම පිරිසක් නැරඹූ ගීතය වේ.

එම ගීතය විවිධ රාජ්‍ය නායකයන් අනුකරණය කරමින්ද නිපදවා තිබෙන අතර බැරක් ඔබාමා අනුකරනය කළ ගීතය මීට පෙර අප ඔබට ගෙන ආවා.

ලංකාවේ දේශපාලඥයින් යොදාගන නිර්මානය කල ගීතයක්ද මේ වනවිට අන්තර්ජාලයට එක්වී තිබෙනවා.

ජනාධිපතිවරයා, විමල් වීරවංශ, රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර, රෝසි සේනානායක හා අනර්කලී ද ඒ අතර වෙයි.

හලාල් ගැන රජය පළමු වරට ස්ථාවරය හෙළිකරයි

මේ දිනවල ඇතිවී තිබෙන හලාල් ප්‍රශ්නය පිළිබඳව රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී කතා කිරීමත් සමඟ හලාල් පිළිබඳව රජය සිය ස්ථාවරය ඊයේ හෙළි කළා.

නිමල් සිරිපාල අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ හලාල් විරෝධී ව්‍යාපාරයක් ගෙනියන්නේ රජය ගොඩ නැඟීමට මහත් ශක්තියක් ලබාදුන් මුස්ලිම් ජනතාව රජයෙන් ඈත්කර රජය පෙරලාදැමීමට කරන කුමණ්ත්‍රණයක් නිසා බවයි.

"ජාතිවාදි හා ආගම්වාදී ගිනි දැල් ඇවිලීම සදාහාත් රජය අපකීර්තියට පත් කිරීම සදහා හා පෙරලා දැමීම සදහා අසාර්ථක ප්‍රයත්නයක යෙදෙන කුමන්ත්‍රන කරුවන් හා විරුද්ධවාදීන් විසින් අප රජයට විශාල ශක්තියක් හා සහයෝගයක් ලබාදුන් මුස්ලිම් ජනතාව අප රජයෙන් ඈත් කිරීම සදහා සංවිධානාත්මක කුමන්ත්‍රණයක් සිදුකරන බව ඒත්තු ගොස් තිබේ.

කැබිනට් ඇමතිවරු වැඩිකළේ රටේ ජනගහනය වැඩි නිසා- ඇමති වෙල්ගම

කැබිනට් ඇමතිවරු වැඩිකළේ රටේ ජනගහනය වැඩි නිසා බව ප්‍රවාහන ඇමති වෙල්ගම පසුගියදා ප්‍රකාශ කර තිබුණා.

ඉස්සර අපි කුඩා කාලේ මුළු කැබිනට් මණ්ඩලේම හිටියේ 18යි නැත්නම් 20යි අපේ හාමුදුරුවනේ. ඒ කාලේ ජනගහනය එච්චර නෑ. ඒත් අද එහෙම කරන්න බෑ. අද ඇමතිවරු වැඩි වුනාට කිසි ප්‍රශ්නයක් නෑ.

මගේ නමින් ෆේස්බුක් එකේ කව්ද වංචා කරනවා - ශනුද්‍රි

ප්‍රියසාද් පවුලේ බාල දියණිය වන ශනුද්‍රි ප්‍රියසාද් නිලියක් මෙන්ම ගායිකාවක් ලෙසද ප්‍රසිද්ධය. මෙම ප්‍රසිද්ධත්වය උපයෝගී කරගනිමින් ඇතැම් පුද්ගලයන් ෆේස්බුක් හරහා අයුතු ප්‍රයෝජන ලබා ගන්න බව ඇය මාධ්‍යයට පවසා ඇත. ඇය ඒ බව පවසා තිබුනේ මෙලෙසිනි

"මගේ නමින් බොරු ෆේස්බුක් එකවුන්ට් ගොඩක් තියෙනවා. දවසක් මගේ නමින්, මගේ ෆෑන් කෙනෙකුට කියලා රීලෝඩ් එකක් දාලා. එයා මට කතා කරලා අහනවා රීලෝඩ් එක ආවද කියලා. අනේ ඒ නිසා මම නම් ෆේස්බුක් එකේ නැහැ."

අප වෙත වාර්තා වන පරිදි ශනුද්‍රි සතුව ෆේස්බුක් ගිණුමක් නොමැති අතර ඇගේ අක්කා වන දිනක්ෂි පමණක් ෆේස්බුක් ගිණුමක් මෙහෙයවයි. 


ශනුද්‍රි ගේ නම බාවිතා කොට ෆේස්බුක් ඔස්සේ වංචා කරන පුද්ගලයා පිළිබඳවද අපට මේවනවිට තොරතුරු ලැබී ඇත. නමුත් ඔහු බාලවයස්කාරයෙකු හේතුවෙන් නම හා ජායාරුප පල නොකරන්නෙමු.

ව්‍යාජ මනෝවිද්‍යාඥගෙන් ඒ එස් පී ලියනගේ ට පුන්නක්කු බාල්දියක්

දේශමාන්‍ය ආචාර්ය ඒ. එස්. පී. ලියනගේ යනු ඉඩම් කට්ටි කර විකුණන ව්‍යාපාරිකයෙකි.

ඔහු උසස් පෙළ දක්වා යන්තම් ඉගෙනුමක් ලැබ කාලයක් පන්සල්වල සාමාන්‍ය පෙළ ගණිතය ටියුෂන් පන්ති පැවැත්වූ අයෙකි.

නමුත් ඉඩම් බිස්නස් කිරීමේන් ඔහු ධනය උපයාගත්තේ තම ව්‍යාපාරික දැණුම යොදාගනිමින් ය. ඒ ගැන කිසි අවුලක් නැත. නමුත් ධනවත් වන විට බොහෝ සල්ලිකාරයන්ට උසස් අධ්‍යාපනයක් නොමැති හීනමානය දැනේ.

අචලාගේ පෙම්වතා කියන කතාව

මාතර මහ රෝහලේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ අවසන් වසර සිසුවියෙකු වන 24 වියේ පසුවන අචලා ප්‍රියදර්ශනි ට සිය වම් අතර අහිමි වීතිබුන බව මෙයට පෙර ලිපියකින් අප හෙළි කරනු ලැබුවා.

ලංකාව පුරා පසුගිය කාලයේ මෙය ආනොද්ලනාත්මක පුවතක් බවට පත්වූවා. මෙම හද කම්පා කරවන පුවත දැනගත් බොහෝ දෙනා අචලාට උදව් කිරීමට ඉදිරිපත්ව තිබුනා.

බොහෝ දෙනා අගය කලේ මෙම සිදුවීමට අචලා දැඩි ආත්ම ශක්තියකින් මුහුණදුන් ආකාරයයි. 


තමාට හුරුපුරුදු වමත අහිමිවීමත් සමග හඬා නොවැටී එයට අචලා එයට මුහුණදුන් ආකාරය විශ්වාසකළ නොහැකි තරම්ය. එයට එක හේතුවක් ලෙස අචලාව විපතේදී තනි නොකළ මිතුරු මිතුරියන් සඳහන් කල හැක. 

මේ අතර වෙනස වැඩසටහන මගින් සිදු කල සාකච්චාවක් අතරතුර අචලා තමාගේ පෙම්වතා මෙම සිදුවීමට ප්‍රතිචාර දැක්වූ ආකාරය දක්වා තිබුනේ මෙලෙසින්

ගුවන් ගමන් නිසා ලෙඩ වුනු අගමැති

පසුගිය කාලයේ අගමැති දී.මු ජයරත්න සිටියේ අසනීප තත්ත්වයේ විදෙස් රෝහලක ප්‍රතිකාර ලබමින්ය. 

ඒ අනුව අගමැති ධුරය සඳහා බලා සිටින ආණ්ඩු පක්ෂයේ අනෙක් පිරිස් ක්‍රියාකාරිව තම කටයුතුවල නිරත වුයේ තමන්ට අගමැති පදවිය ලබාගැනීම උදෙසාය.

මේ අතර වරක් අගමැති පදවිය ඉසිලු ජේෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක විශේෂය. තමාට නැවතත් අගමැති පදවිය ලැබෙන්න යන වග දැනගත් ඔහු පසුගිය කාලයේ දුව පැන ඇවිද්දේ තරුණයෙකු මෙනි.

කෙසේ වෙතත් අගමැති නැවතත් සුවවී ලංකාවට පැමිණීමත් සමග බොහෝ දෙනාගේ බලාපොරොත්තු සුන්වී තිබුණි.

මුස්ලිම් විරෝධය නැවැත්තුවේ නැත්නම් අඬු කඩලා හරි නවත්තනවා- SB දිසානායක

උසස් අධ්‍යාන ඇමති S.B දිසානායක පසුගියදා ප්‍රකාශ කළේ මේ දින වල ඇතිවී තිබෙන මුස්ලිම් ව්‍යාපාර වර්ජන රැල්ල නැවැත්විය යුතු බවත් එසේ නොකරන අයට ගහලා අඬු කඩලා හරි නවත්වන බවත්ය.

එසේම අරාබියෙන් ලංකාවට පැමිණි මුස්ලිම් ජාතිකයන් සියළු දෙනටම ගැහැණු දුන්නේ සිංහලයන් බවත් ඔහු කියා සිටියේ මෙලෙසින්.

"මියැසි ළමා තාරකා" ප්‍රසංගයේ ජායාරූප එකතුව

පසුගිය ජනවාරි මාසයේ 27 වැනිදා රත්මලානේ සිරස ස්ටෙයින් විඩීයෝ ශාලාවේ පැවති නෙලු අධිකාරී මහත්මියගේ "මියැසි ළමා තාරකා" ප්‍රසංගයේ නිල ජායරූප එකතුව.


ජායාරූප ස්තූතිය: සජීව විතානගේ

ලංකාවේ නිර්භයාගේ දුක්බර අවසානය

නිර්භයා යනු ඉන්දියාවේදී බස් රථයකදී බලහත්කාරයෙන් දුෂණය කොට මරා දැමු තරුණියකි.

ඇගේ මරණය නිසා මුළු ඉන්දියාවේ යුක්තිය සමාජ සාධාරණත්වය අගයන ජනයා වීදි බැස දූෂකයන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන ලෙසට පාලකයන්ට බල කළහ.

ඒ නිසා දැන් නිර්භයා දුෂණය කොට මරා දැමු දූෂකයන් පෝරකය හමුවේ සිටිති. නමුත් ලංකාවේ දිනකට කාන්තාවන් පස් දෙනකුවත් අවම වශයෙන් දුෂණය වෙති. එහෙත් මුළු සමාජයම නිහඬය.

ගොසිප්9 ලිපිය පිළිබඳව නිව්ටන්ගේ අසම්මත පෙම්වතිය කතා කරයි

නිව්ටන්ගේ අසම්මත ප්‍රේමයෙ පිළිබඳව ඊයේ ගොසිප්9 හි පළවූ පුවත පිළිබඳව ඇය අප වෙත පැහැදිලි කිරීමක් එවා තිබෙනවා.

අප විසින් පල කළ යම් පුවතකින් කෙනෙකුට අසාධාරණයක් වූවා නම් එම පාර්ශයවයට අදහස් දැක්වීමට අවස්ථාව ලබාදීමට ගොසිප්9 බැඳී සිටී.

එබැවින් ඇය විසින් එවන ලද ලිපිය පහතින් ඇත.